ගිනිගත් රසායන නෞකාවේ පිපිරීමක්….! බහාලුම් 08ක් මුහුදට වැටෙයි…! කාර්යමණ්ඩලය නාවික හමුදාව බේරා ගනී….!

May 25, 2021 at 10:35 am | by emanisa.lk

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

එම නෞකාවේ තිබූ බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙළි කරයි.

මේ අතර එම නෞකාවේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 25 දෙනෙකු ශ්‍රී ලංකා නාවින හමුදාව විසින් බේරාගෙන තිබේ.

එම පිරිස අතරින් තුවාල ලබා සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකුව රෝහල්ගත කළ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකරවයා සඳහන් කළේ නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය හෙළීමට කටයුතු කරමින් ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *