ගිනිගත් නැවේ වන්දිය ඩොලර් මිලියන 442යි! සමස්ත වන්දිය ගෙවන්න නැව් සමාගම එකඟයි!

September 27, 2020 at 7:12 am | by emanisa.lk

මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගෙන අනතුරට ලක්වූ MT New Diamond නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ඉතා ඉක්මනින් ලබාදීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් නෞකාවේ හිමිකාර සමාගමේ නීතීඥවරුන් තමන් වෙත දැනුම්දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළාය

මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක්ද ඇතුළත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *