ගිණුමට වැටුණු ලක්ෂ 50 ගැන රැට්ටා කතා කරයි…!

August 15, 2022 at 7:48 am | by emanisa.lk

තම ගිණුමට බැරවී ඇති රුපියල් ලක්ෂ පනහක මුදලක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ගාලුමුවදොර අරගලයේ නියමුවෙකු වන රතිදු සේනාරාත්න හෙවත් රැට්ටා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් එම බැංකුවට ද පැමිණිලි කරන බවද ඔහු කීවේය.

ගාලු මුවදොර අරගලය වෙනුවෙන් රුපියල් කෝටි ගණනක මුදල් සිය බැංකු ගිණුමට බැරකර ගෙන ඇතැයි චෝදනා එල්ල වන රැට්ටාට මෙම මුදල් බැර කර ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.

මේ අතර ගාලුමුවදොර අරගලයට තමාගේ පෞද්ගලික මුදල් ද වියදම් කළ බවත් අරගලයේ නාමයෙන් කිසිදු මුදලක් කිසිවෙකුගෙන් හෝ ගෙන නැති බවත් රැට්ටා පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *