ගෑස් සිලින්ඩරයක් රු. 750කින් ඉහළට…? කැබිනට් අනුමැතිය හෙට…!

March 7, 2021 at 4:55 pm | by emanisa.lk

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් මෙරට ගෑස් මිලද ද ඉහළ දැමීමට සිදුවන බව ගෑස් සමාගම් රජයට දැනුම් දී තිබේ. ඒ පිළිබඳ යෝජනාවලිය ද අදාළ සමාගම් රජයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ලබන සඳුාදා රැස්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ගෑස් මිල වැඩිවීමේ යෝජනාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ගෙන ඒමට නියමිත අතර එහි දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීමට සූදානම් බව රජයේ ආරංචි මාර්ග පවසයි.

අද වන විට ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 750කින් ඉහළ දැමීමට සිදුවන බවත් පසුගිය කාලයේ ඩොලර් 350ට තිබූ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල දැනට ඩොලර් 625 දක්වා ඉහළ ගොස් ඇති බවත් සමාගම් විසින් පෙන්වා දී තිබේ.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ගෑස් මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියෙන් ගෑස් සමාගම් ඉල්ලීම් කළද එම අධිකාරිය ඊට අවසර ලබා දී නොමැත. ගෑස්වලට අදාළව මිල සූත්‍රයක් තිබුණ ද ඊට බලධාරීන් ඉඩනොදීම හේතුවෙන් ගෑස් ව්‍යාපාරය අනතුරුදායක මට්ටමට පැමිණ ඇතැයි එම සමාගම් පෙන්වා දෙයි.

(source – nethnews)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *