ආසන්න කාලයේ දී ඇති වූ ගෑස් හිගයට සහ ගෑස් පිපිරීම්වලට ලිත්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ වගකිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් විසින් ඊයේ (22) පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී චෝදනා එල්ල කර තිබේ.
එබැවින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ලිත්‍රො සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 35ක පමණ මාසික වැටුපක් ලබන බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වසරක් තිස්සේ ලබන වැටුපට සමාන බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පෙන්වාදී තිබේ.
එමෙන් ම සභාපතිවරයා ආරක්ෂකයන් පස් දෙනෙකු ලබා ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කර ඇත.
ලිට්රෝ සමාගම ගෑස් මිල දී ගැනීමේ දී රුපියල් කෝටි 100ක පමණ පාඩුවක් සිදු වී ඇති බවත් අඩු මිලට ගෑස් මිලට ගැනීමට හැකි බවට තෙෂාර ජයසිංහ සභාපති ධුරයට පත්වූ දින පැවැති මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ ද සභාපතිවරයා දැන් ගෑස් මිලට ගන්නේ පෙරට වඩා වැඩි මිලට බවත් ඔහු පෙන්වා දී තිබේ.