ගැමුණු රජුගේ මල්ලි වන බැසිල් ළඟදිම රට භාර ගන්නවා…!

December 12, 2022 at 11:33 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ විසින් පිරිසකගේ උවමනාවට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට රට බංකොලොත් වී ඇති බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

අප්‍රේල් එකොළොස් වන දින ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැසිල් රාජපක්ෂට ණය මුදලක් ලබා දීමට එකඟ වී සිටි මොහොතක ඔහු මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් රට බංකොලොත්භාවයට පත් වූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

බැසිල් රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ නම් වූ දුටු ගැමුණුට රජුට සමාන නායකයාගේ මල්ලි බවත් ලංකාවේ දැනට ඇති නායකයන් අතරින් රට පිළිබඳව දැක්මක් ඇති බුද්ධිමත්ම නායකයා බැසිල් රාජපක්ෂ බවත් ඔහු නුදුරේ දී රටේ නායකයා බවට පත් වනු ඇති බවත් මහින්ද පතිරණ පෙන්වා දෙයි.

විමල්, ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසට නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන ලෙස පොදුජන පෙරමුණ වෙනුවෙන් තමා ඉල්ලීමක් කරන බව ද මහින්ද පතිරණ වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *