කලහකාරී කටයුතුවලින් සිදුවන්නේ අවස්ථාවාදී දේශපාලනඥයින්ට හා විදේශීය බලවේගවලට උදව් දීම පමණක් බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පවසයි. එබැවින් සියලූ දෙනා සාමකාමීව කටයුතු කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.
මෙම අවස්ථාවේ සියලූ දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.
සිය ප්‍රදේශවල සාමය සහ සහජීවනය ආරක්ෂා කිරීමට කැප වන ලෙස කාදිනල් හිමි සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.