ගාලු මුවදොර කුඩාරම් හකුළයි…! අරගල පිටිය පාළුවට යයි..!

August 4, 2022 at 11:14 am | by emanisa.lk

ඊයේ (03) රාත්‍රියෙ ගාලු මුවදොර අරගල භූමියේ කූඩාරම් කිහිපයක් ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබේ.

ඒ එළඹෙන 05 වෙනිදා හවස 05ට පෙර සියලු ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස පොලිසිය නියෝග කිරීමත් සමගය.

කෙසේ වුව ද තව දුරටත් එහි පිරිසක් රැඳී සිටින අතර අරගලය මර්දනයට එරෙහිව විරෝධතාවක් ද ඊයේ රාත්‍රියේ පැවැත්විණි.

අරගලයේ 118 වන දිනය වන අද උදෑසන එහි දක්නට ලැබුණේ ජනශූන්‍ය පාළු ස්වභාවයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *