ගාලු මුවදොරට හමුදා ප්‍රහාරයක්…! අරගලකරුවෝ පැන දුවති..! දින 100කට පසු ජනාධිපති කාර්යාලය නිදහස්…!

July 22, 2022 at 7:01 am | by emanisa.lk

ගාලු මුවදොර අරගල භූමිය අද (22) උදෑසන ආරක්ෂ අංශ මගින් වටලා ඇත.

මේ වන විට හමුදාව සහ විශේෂ කාර්ය බලකාය ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එය අත්පත් කරගෙන ඇත.

සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති වීඩියෝවල දැක්වෙන්නේ පහර කෑ අරගලකරුවන් හිස් ලූූ ලූ  අත පැන දුවන ආකාරයයි.

ගාලු මුවදොර සියලු පිවිසුම් මාර්ග හමුදාව වසා දමා ඇති අතර නීතීඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද දැනගන්නට තිබේ.

මේ අතර නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගාලු මුවදොර අරගල බිමට හමුදාව කඩාපැන ඇති බව දැනගන්නට ඇති බවය.

මෙම මෙහෙයුමේ අරමුණ රාජකාරී කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය මුදා ගැනීම මිස අරගලකරුවන් ඉවත් කිරීම නොවන බවට ද වාර්තා ලැබෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *