කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දුට නිරෝධානයට හා පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව පැවසූ විට ඔහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගාල්ලේ කොරෝනා පාලනය සම්බන්ධව ගැටලු සහගත තත්වයක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා පවසයි.
සෞඛ්‍ය නීතිරීති අනුගමනය නො කරමින් තම සුපුරුදු රාජකාරිවල නගරාධිපති නිරතව ඇති බව ද හෙතෙම කීය. වෛද්‍ය මංජුල ද සොයිසා තව දුරටත් පැවසූයේ ගාල්ල නාගරිකයේ පළමු පුරවැසියා මෙසේ හැසිරීම කනගාටුවට කරුණක් බවයි.
මේ සම්බන්ධයෙන් ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පවසන්නේ තමාට කිසිවෙකු නිරෝධායනයට හෝ පීසීආර් කිරීමට උපදෙස් ලබා නොදුන් බවත් නගර සභාවේ සේවකයින් 16 දෙනෙක් නම් නිරෝධායනයට යොමු කිරීමට උපදෙස් ලබා දී ඇති බව ය.