ගාල්ලටත් පෝර්ට්සිටියක්…! වරායටත් හොඳ කලක්…! දෙස් විදෙස් ආයෝජකයින් කැඳවයි…!

January 27, 2022 at 4:58 pm | by emanisa.lk

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කිරීමට ආයෝජකයින්ට ආරාධනා කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ගාලු වරාය දියුණු කිරීම සඳහා අයෝජකයින් කැඳවන සමුළුව ඊයේ (26) අමතමිනි.

“පසුගිය මාසයේ අපිට පුළුවන්කම ලැබුණා නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භ කරන්න. පෙබරවාරී මාසයේ බටහිර පර්යන්තයෙත් වැඩ පටන්ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වරාය ක්ෂේත්‍රයේ අපි කරන මෙහෙයුම්වල 100%ක් ධාරිතාව වැඩිකරන්න.

ගාල්ල වරාය අපි සංචාරක වරායක් ලෙස වැඩි දියුණු කරනවා. ඒ අනුව තමයි අද දවසේදී දේශීය සහ විදේශිය අයෝජකයින් කැඳෙව්වේ. ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා නව දියකඩනයක් ඉදිකරන්න. ඒ දියකඩනය ඉදිකිරීමත් සමග වරාය නගරය හා සමානව හෙක්ටයාර 40ක භූමියක් අපිට ලැබෙනවා. කොළඹ වරාය නගරය හා සමානව ම ගාලු වරාය නගරයේ පෞද්ගලික ආයෝජකයින් විසින් සාප්පු සංකීරණ, හෝටල් මේ සියල්ල ඉදිවෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *