ගල් අඟුරු ටෙන්ඩරෙන් බිලයන 1.1ක පාඩුවක්! නොරෙච්චෝලේ විදුලිය දෙන්නේ මෙ.වො. 90ක් අඩුවෙන්! – කෝප් කමිටුවේ දී හෙළිවෙයි…

October 8, 2020 at 9:53 am | by emanisa.lk

ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගම ටෙන්ඩර් කැඳවී‍මේ දී ගල්අඟුරු කැටවල ප්‍රමාණය සඳහන් නොකිරීමෙන් රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුව ඇතැයි පෙරේදා (06) පාර්ලිමේන්තුවේ පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

දිගුකාලීන ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කෙටිකාලීන ක්‍රමවේදය යටතේ මෙම ගල්අඟුරු මිල දී ගැනීම සිදුව ඇත්තේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව බව ද එහි දී අනාවරණය විය.

මෙහි දී දීර්ඝකාලීන ක්‍රමවේදයෙන් තොරව කෙටිකාලීනව ගල් අඟුරු මිල දී ගැනීම මගින් වෙළෙඳපොළේ සිදුවන මිල උච්චාවචනය වීමේ වාසිය ලබාගැනීමට තමන් බලාපොරොත්තු වූ බව එම නිලධාරීහු පැවසූහ. නමුත් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව යමින් ඇමැති මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම ටෙන්ඩර් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සභාපති චරිත හේරත් මෙහිදී පෙන්වා දුන්නේය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක්කොට ඇත්තේ මෙගාවොට් 900ක විදුලි අවශ්‍යතාවක් සපුරාලීමට වුවද එහි මෙගාවොට් 90ක රික්තකයක් පවතින බව කෝප් කමිටුවේදී අනාවරණය විය. මේ අනුව සැබෑ වශයෙන්ම නිපදවෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බවත් මෙගාවොට් 90 රික්තකයක් යනු නොසලකා හැරීමට නොහැකි විදුලි අවශ්‍යතාවක් බව කෝප් කමිටුව හමුවේ දී තවදුරටත් අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස