ඛනිජ තෙල් වෙළෙඳපොළ පෞද්ගලික අංශයට විවෘත වෙයි….!

May 30, 2021 at 7:41 am | by emanisa.lk

මෙරටට බොරතෙල් ගෙන ඒම, ඒවා පිරිසිදු කිරීම, පෙට්‍රල්-ඩීසල් බෙදා හැරීම යනාදී සියල්ල පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එහෙත් 1961 අංක 28 දරන පනතට අනුව ලංකාවට තෙල් ගෙනැවිත් බෙදාහැරීමේ ඒකාධිකාරය ඇත්තේ ලංකා ඛනිජතෙල් සංස්ථාවටය.

කෙසේ වුව ද 2002 විශේ්ෂ පනත් කෙටුම්පතක් මගින් ලංකා ඉන්දියානු තෙල් සමාගමට ද මෙම කටයුතුවලට අවසර ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *