තිරිකුණාමල තෙල් ටැංකි සම්බන්ධ කිසිදු ගිවිසුමකට යා යුතු නෑ….! 2033 සියලු තෙල් ටැංකි අපට අයිති වෙනවා…! – ඛනිජ තෙල් පොදු සේවක සංගමය

February 21, 2021 at 5:39 pm | by emanisa.lk

2033 වසරේ දී තිරිකුණාමල තෙල් ටැංකි සමූහය ශ්‍රී ලංකාවට අයිති වීමට ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි.

එවැනි පසුබිමක ඉන්දියාව නැවත වතාවක් එහි සංවර්ධන කටයුතු සඳහා මැදිහත් වීම සැකසහිත බව ද එහි සභාපති අශෝක රංවල සඳහන් කරයි.

මෙම සංවර්ධන ගිවිසුමට මුවා වී නැවතත් තිරිකුණාමල තෙල් ටැංකි සමූහය ඉන්දියාව සතු කිරීමට ඇමැති උදය ගම්මන්පිළ සූදානම් වන්නේ ද යන සැකය මතු වන බව ඔහු පෙන්වා දෙයි.

එහෙයින් මේ අවස්ථාවේ තිරිකුණාමල තෙල් ටැංකි සමූහය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගත යුතු බවත් කිසිදු ගිවිසුමකට නො එළඹීය යුතු බවත් සභාපති අශෝක රංවල අවධාරණය කරයි.

යටත්විජිත සමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව මගින් ඉදිකළ මෙම තෙල් ටැංකි සමූහය ඉන්දියාවට ලබා දුන්නේ 2001 බලයට පත් එජාප ආණ්ඩුව මගිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *