කෝටි 3-4 වාහනවලට ලක්ෂ ගණන් තෙල් ගහනන්න පුළුවන් නම් කරන්ට් බිල ගෙවන්න බැරි ඇයි…! – අමරපුර ලේඛකාධිකාරී හිමි….

September 20, 2022 at 11:30 am | by emanisa.lk

විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධ වන ඇතැම් භික්ෂූන් වහන්සේලා ගමන් බිමන් යන්නේ කෝටි තුන හතරේ වාහනවලින් බව ‍ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ පවසති.

එම වාහනවලට මාසකට ඉන්ධන වියදම පමණක් රුපියල් පනස් දහසක් ලක්ෂයක් වන බව පැවසූ උන්වහන්සේ දාන ගෙදරක, මළ ගෙදරක මෙම අත් සුඛෝපභෝගී වාහන දැකගත හැකි බව ද කියා සිටියහ. ඒවා දකින ජනතාව දොස් කියන බව ද එහිමියෝ පෙන්වා දෙති.

අනිත් ආගම්වල අරමුදලක් පිහිටුවා ඇතත් මෙරට විහාරස්ථානවල ආදායම් භික්ෂූන් වහන්සේලා ලබා ගන්නා බව පැවසූ උන්වහන්සේ සියලුම විහාරස්ථානවල ආදායම එක අරමුදලකට බැර කළ යුතු බව ද කියා සිටියහ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *