කොළඹ වරාය ගිවිසුමටත් වෙන්නෙත් MCC ගිවිසුමට වුණ දේ ම තමයි! – බන්දුල

December 24, 2020 at 11:24 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ අවස්ථාවේ සිට MCC ගිවිසුම ඉරා විසි කළේ දැයි එම ගිවිසුම ගෙන ආ කණ්ඩායම් විසින් ප්‍රශ්න කළ බව ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

එහෙත් අවසානයේ එම ගිවිසුම ඇමරිකාවේ MCC ආයතනය විසින් ම අහෝසි කරන තැනට කටයුතු සිදු වූ බව ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ ආකාරයෙන් ම කොළඹ වරායේ වැඩි ම බහාළුම් විශාල ප්‍රමාණයක් ප්‍රති-අපනයනය කරන ඉන්දියාව සමග එකතු වී එහි නැඟෙනහිර පර්යන්තය දියුණු කිරීම රටට වාසිදායක දැයි විද්වත් කමිටුවක් මගින් සොයා බලා ගන්නා තීන්දුව රටට කියන බව ද හෙතෙම පවසයි.

2014 වන විට වරායේ දියුණුව සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත් ක්‍රියා මාර්ග 2015 බලයට පත් යහපාලන ආණ්ඩුව විසින් නවතා දැමීම සහ ඇති කරගත් ගිවිසුම්වල ඵලවිපාක මේ වන විට තමන්ට විඳ ගැනීමට සිදුව ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස