කොළඹ මාර්ග තදබදය මඩින්න නියම විසඳුම එයි…! නගරය පුරා ගුවනින් දිවෙන දුම්රිය පද්ධතියක්…..!

March 30, 2021 at 2:15 pm | by emanisa.lk

කොළඹ වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස සමස්ත කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මතින් දිවෙන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

පෞද්ගලික හා රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම මාර්ග පද්ධතිය රක්ත, හරිත, නීල හා දම් යනුවෙන් නම් කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.
රත්ක දුම්රිය මාර්ගය කිලෝමීටර 42 ක දිගින් යුතු වන අතර එය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වාත්, කිලෝටීමර 28 ක් වන හරිත මාර්ගය මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වාත්, කිලෝමීටර 23ක දිගින් යුතු නීල මාර්ගය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා සහ දම් වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වාත් ඉදිවන බව ද ඇමතිවරයා කීවේය.

මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *