කොළඹ නිවාස හිමි ඇමැතිලත් නිල නිවාස ඉල්ලයි! හිටපු මන්ත්‍රීලත් නිවාස බලෙන් අල්ල ගෙන! ඒ බරත් රු. පනස්දාහ බැගින් ජනතාව මත!

November 29, 2020 at 4:49 pm | by emanisa.lk

කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස හිමි මැති ඇමැතිවරුන් ද නිල නිවාස ලබා ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි. වත්මන් රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍ය ධුර හොබවන මෙම අමාත්‍යවරුන් නිල නිවාස අවශ්‍ය බව අමාත්‍යාංශයේ නිලධාරීන්ට ද දැනුම් දී තිබේ.

ඒ අනුව නිවාස ලබාගෙන ඇති අමාත්‍යවරුන්ට තලංගම, කැස්බෑව, නාරාහේන්පිට, ඇතුළු කොළඹ නාගරික ප්‍රදේශවල නිවාස තිබේ. කෙසේ වෙතත් නිල නිවාස ප්‍රතික්ෂේප කර ඇත්තේ ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැබිනට් ඇමැතිවරු දෙදෙනකු පමණක් බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

යහපාලන රජයේ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වත්මන් මන්ත්‍රීවරයකුද සිය නිල නිවාස මෙතෙක් භාර දී නොමැත. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයාගේ නිල නිවාස පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයකු ඉල්ලා ඇති බව ද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබා දෙන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකු මෙතෙක් නිල නිවාස භාර දී නොමැත.

මෙසේ නිවාස භාර නොදුන් මැති ඇමැතිවරුන් නිසා නිවාස ඉල්ලා ඇති මන්ත්‍රීවරුන්ට ඒවා භාර දෙන තෙක් මාසිකව රුපියල් පනස්දහසක නිවාස කුලී දීමනාවක් ලබා දීමට යෝජනා ඉදිරිපත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *