ඇමැති ආරක්ෂකයාට සහ පුතුන් දෙදෙනාටත් කොරෝනා!

November 7, 2020 at 8:43 am | by emanisa.lk

ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ පුතුන් දෙ‌දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මොවුන් හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම පියා සහ පුතුන් දෙදෙනා ඊයේ (06) හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් කොළඹ 7 පොලිස් නිවාසවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම ආසාදිතයින් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *