කොවිඩ් රෝගීන් සහ මරණ අඩු වීම ගැන සතුටුයි…! සඳුදාට විරෝධතා ව්‍යාපාරය පටන් ගන්නවා…! – සමන් රත්නප්‍රිය…

September 24, 2021 at 12:55 pm | by emanisa.lk

කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වීම ගැන සතුටු විය හැකි වුවත් ආණ්ඩුවේ අසාර්ථක සෞඛ්‍ය කළමනාකරණය නිසා ඕනෑ ම මොහොතක තවත් රැල්ලක් ඇති වීමේ අවදානමක් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

කොවිඩ් මර්දනය සඳහා ජීවිත පරදුවට තබා ක්‍රියා කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ කොවිඩ් සහන දීමනාව පවා මේ වන විට කප්පාදු කර තිබෙන බව කී සමන් රත්නප්‍රිය, කොරෝනා මර්දනය වෙනුවෙන් ආණ්ඩුවෙන් බලාපොරොත්තුවන සහාය නොලැබුණහෝ ලබන සඳුදා (27) බරපතළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද සඳහන් කළේය.

මරණ සංඛ්‍යාව අඩු වුණත් නිවෙස්වල මියයන ප්‍රතිශතය වැඩි වී තිබෙන අතර එය හොඳ තත්ත්වයක් නොවේ යැයි ද ඒ නිසා පරීක්ෂණ හරියට කර රටේ ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්නැයි ආණ්ඩුවට පවසන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *