ශ්‍රී ලංකාව කොවිඩ් රතු අවදානම් ලැයිස්තුවට….! දෙස් විදෙස් කෝටිපති රටින් පිටවෙයි…!

May 13, 2021 at 6:05 pm | by emanisa.lk

ඉදිරි සතිය පමණ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් වෛරස ව්‍යාප්තියේ උපරිම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත මෙරට සිටින මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන් සහ මෙරට ධනවතුන් මෙන්ම ද්විත්ව පුරවැසියන් රටින් පිටව යාම ආරම්භ කර ඇති බවයි.

ගුවන්තොටුපළ ආගමන විගමන පරිගණක දත්ත වාර්තාවන් ද මේ බව පෙන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

කොවිඩ් වෛරසයට අමතරව ඉන්දියාව හරහා කළු දිලීර වසංගතයක් ද මෙරටට පැමිණීමේ අවදානමක් උද්ගතවී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *