එන්නත් ගත්තත් පරිස්සම් වීම අනිවාර්යයි…! මාත්‍රා දෙක ම ගත් දැනට ම 15ක් මැරිලා…! – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන…

May 16, 2021 at 10:04 pm | by emanisa.lk

කොවිඩ් මර්දන එන්නත ලබා ගත්ත ද එමගින් සම්පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

“මේ එන්නත් ගත්ත අය හිතන්න එපා අපිට දැන් ආරක්ෂාවක් තියෙනවා කියලා. සති 2ක් යනකම් ඔබ පරණ හිටපු මට්ටමේම තමයි ඉන්නේ. සිරුරේ ප්‍රතිශක්තිය ඇති වෙන්න යම් කාලයක් යනවා.

ඒ නිසා ගෙවල්වලින් එළියට බහින්න නම් එපා. එන්නත ගත්ත එකේ ප්‍රයෝජනයවත් ගන්න හම්බවෙන්නේ නෑ. පළවෙනි එක ගත්තත් දෙවනි එක ගත්තත් කොවිඩ් හැදෙන්න පුළුවන්.

හැබැයි හැදෙනවා කියන එකේ නිර්වචනය වෙනස්. මේ දක්වා තියෙන දත්තවලට අනුව එන්නත් දෙක ම ගත්ත 15 දෙනෙක් මැරිලා තියෙනවා කොවිඩ්වලින්, ලෝකයේ ම.”

අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *