කොවිඩ් පෙන්නලා ජනතා විරෝධය යට ගහන් බෑ…! 16 වෙනිදා අපි කොළඹ වටලනවා…! – සමගි බලේ…

November 12, 2021 at 1:35 pm | by emanisa.lk

කොරෝනා පෙන්වමින් ආණ්ඩුව රැස්වීම සීමා කිරීම සඳහා ගැසට් ගසන්නේ 16 වැනි දා කොළඹට පැමිණෙන ජනතාවට බිය වී බව සමගි ජන බලවේගය පවසයිත

ආණ්ඩුවේ තර්ජනයන්ට නොබියව යොදා ගත් පරිදි 16 වැනිදා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත රැලිය කොළඹ පවත්වන බවත් එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙන් සඳහන් කරයි.

එම ප්‍රකාශකයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව දැනටමත් විශාල ජනතාවක් කොළඹට පැමිණීමට සූදානමින් සිටින බවයි.

මේ බව වටහා ගෙන ඇති ආණ්ඩුව කොරෝනා පිට දමා උද්ඝෝෂණ නැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ගැසට් ගසා ජනතා විරෝධය යටපත් කළ නොහැකි බවත් එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *