16 වෙනිදා ලක්ෂ 20ක් ගොවීන් එක්ක කොළඹ වටලනවා…! එදාට පුළුවන් නම් බෙල්ලෙන් අල්ලපන්…! – හරීන් ප්‍රනාන්දුගෙන් ජනාධිපතිට අභියෝගයක්…

November 9, 2021 at 5:26 pm | by emanisa.lk

මේ රටේ ජනාධිපතිවරයා තමන්ට උවමනා නම් ගොවීන්ගේ බෙල්ලෙන් අල්ල ගෙන ගොස් කාබනික වගාවට යොමු කළ හැකි යැයි ප්‍රකාශ කළ බව හරීන් ප්‍රනාන්දු පවසයි.

මේ රටේ ගොවීන් ලක්ෂ 20ක් සිටින බවත් ඔවුන් 16 වෙනිදා කොළඹට රැගෙන ඒමට තමන් කටයුතු කරන බවත් හැකි නම් බෙල්ල නොව නැට්ට අල්ලපන් යැයි හෙතෙම ජනාධිපතිවරයාට අභියෝග කරයි.

ඇමරිකාවේ දී ජනාධිපතිවරයා පිටුපස වාහන 15ක් යාම පිළිබඳ ජනාධිපතිවරයා චූන් වී ඇති බවත් රනිල් මෛත්‍රී පමණක් නොව මහින්ද රාජපක්ෂ ද ගමන් කරන්නේ වාහන සමූහයක් සමග බවත් සමගි හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

මේ රටේ උද්ඝෝෂණ රැල්ල කිසිවෙකුට නතර කළ නොහැකි බවත් 16 වෙනිදාට ගොවීන් සමග කොළඹට එන්නේ හැකිනම් බෙල්ලෙන් ඇල්ලීමට අභියෝග කරමින් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

හරීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ, අද (09) විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *