කොවිඩ් පාලනයට වඩා උද්ඝෝෂණ අයිතිය රැකීම වැදගත්…! – සමගි බලේ ශ්‍රේෂ්ඨාධීකරණයට….

July 9, 2021 at 8:42 pm | by emanisa.lk

රටේ පවතින නිරෝධායන නීතියට පටහැනිව දිවයින පුරා උද්ඝෝෂණ පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට එරෙහි සමගි ජනබලවේගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කළේය.

සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජන් මද්දුම බණ්ඩාර ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් පාලනය සඳහා උද්ඝෝෂණ තහනම් කරමින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි මත අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන ලෙස සමගි ජන බලවේගය ‍ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *