කොවිඩ් එන්නත් නිෂ්පාදනාගාරය පල්ලෙකැලේට….!

May 21, 2021 at 10:01 am | by emanisa.lk

සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත.

කොවිඩ් මර්දන සිනොවැක් එන්න ත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින්, පසුගිය දා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබිණි.

චිනයේ සිනොවැක් බයෝටෙක් සමාගම, කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය කිරීමට තීරණය වී ඇත.

එන්නත් ලබා ගැනීමට ලොව පුරා දැඩි තරගයක් ඇති වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙම එන්නත් ලංකාවේ නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *