කොවිඩ් අභියෝගය මැද රට ඉදිරියට ම…! 2021 කාර්මික නිෂ්පාදන අපනයයෙන් ඩොලර් කෝටි 800ක්…!

January 24, 2022 at 10:26 am | by emanisa.lk

පසුගිය වසරේ දී කාර්මික නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් කෝටි 800ක් ඉපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත්ව තිබේ.

එය පෙර වසර හා සසඳන විට සියයට 23ක වර්ධනයක් බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පැවසීය.

වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

2020 වසර තුළ දී කාර්මික නිෂ්පාදන අපනයනයෙන් කෝටි 652.7ක් උපයා ඇති අතර එය 2021 එක වසර අවසන් වන විට කෝටි 800.4ක් දක්වා වර්ධනය කිර ගැනීමට සමත්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *