පුත්තලම ප්‍රදේශයේ කොරෝනා රෝගයට ගොදුරු වූ පළමු පුද්ගලයා සුවපත් වී ඇති අතර ඔහු නිවසට ගොස් තිබේ.
කෙසේ වුවද දින 14ක් නිවසට වී නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස ඔහුට දැනුම් දුන්න ද ඔහු ඒවා නොසලකා හරින බව වාර්තා වෙයි.
අද (11) මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිවසට යන විට ද ඔහු නිවසේ සිට නැත. එහි දී නිලධාරීන් ඔහුට දැඩි ලෙස අවවාද කළේය.