කොරෝනා සමාජගත වෙලා! තව ම GPRS සිතියම් නෑ! තාක්ෂණික කමිටුවෙන් අපි යනවා!

November 4, 2020 at 3:06 pm | by emanisa.lk

සෞඛ්‍ය අමාත්‍යංශ තාක්ෂණික කමිටුවෙන් ඉවත් වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

PCR ධාරිතාව ප්‍රමාණවත් සමාජ නියැදි ලබාගත යුතු මට්ටමට තවත් වැඩි දියුණු කළ යුතු බවත් රට පුරා වාර්තා වන රෝගීන් GPRS තාක්ෂණය භාවිතයෙන් සිතියම්ගත යුතු කළ යුතු බවත් තම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්න ද තවමත් එය සිදුව නැතැයි අද (04) මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සංස්කාරත වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

තව දුරටත් මෙම කටයුතු ප්‍රමාද වන්නේ එළඹෙන සතියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුවෙන් තම සංගමය ඉවත් වන බව ද ඔහු අවධාරණය කළේ ය.

මේ වන විටත් සමාජය තුළින් සමාජය ආශ්‍රිතව රෝගීන් වැඩි පිරිසක් බිහි වෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස