කොරෝනා සමාජගත වෙලා ඉවරයි! රෝගීන් නිවෙස්වල මැරෙන තැනට රට ඇවිල්ලා! – GMOA

December 9, 2020 at 7:58 am | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව බැලීමේ දී මෙ රට කොරෝනා වසංගත තත්ත්වය සමාජ ව්‍යාප්තියක් දක්වා ගමන් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දීමට පියවර ගෙන තිබේ.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලින් බැහැරව රට තුළින් කොරෝනා ආසාදිතයන් හමුවන අතර ඔවුන් සමාජයේ ජීවත් වන පුද්ගලයන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

අටලුගම ප‍්‍රදේශයේ නිවෙස්වලින් රෝගීන් වාර්තා වන අතර ඇතැම් රෝගීන් නිවෙස් තුළ ම මිය යන්නේ සමාජයේ ජීවත් වෙමින් සිටින අතරතුර බව ද එම සංගමය පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස