කොරෝනා සමාජගත වී නැත්නම් පාර්ලිමේන්තු පොලිස් නිලධාරියාට වැළඳුණේ කොහොම ද? – සජිත්

October 25, 2020 at 8:39 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ පොලිස් බුද්ධි අංශයට අනුබද්ධිත නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ මෙතෙක් කොරෝනා සමාජගත වී නොමැති බව යැයි ද හෙතෙම පවසයි.

මේ ජනතාවට සහතික වූ කාර්යක්ෂම සුපිරි ආණ්ඩුව දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස