ශ්රී ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් සිදු වූ 36 වැනි මරණය වාර්තා වෙයි.
කඳාන ප්රදේශයේ පදිංචි 84 වියැති කාන්තාවක් මෙසේ මරණයට පත්වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම කාන්තාවක් පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඇය එහිදී මිය ගොස් ඇත.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති ඈ මිය යාමට ආසන්නතම හේතුව ලෙස කොරෝනා නිව්මෝනියා තත්ත්වය හඳුනාගෙන තිබේ.