කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා සෞඛ්‍ය අංශය අවසර ලබා දෙන්නේ නම් ඒ සඳහා භූගත ජල මට්ටම ඉහළ ප්‍රදේශ නොවන සහ වියළි කලාපවල සොයා බැලිය හැකි බව පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.
ඒ අනුව තලෙයිමන්නාරම වැනි දූපතක එම දේහයන් භූමදානය කටයුතු කර ගත හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
පරිසර අමාත්‍යවරයා ලෙස තමන් දරන්නේ එම මතය යැයි ද ඔහු සඳහන් කළේ ය.