කොරෝනා මඩින වැඩේ හමුදාවට දුන් එක වැරදියි! ඒ නිසා සෞඛ්‍ය අංශවල චිත්ත ශක්තිය දුර්වල වෙලා! – නාගමුව

October 17, 2020 at 9:26 am | by emanisa.lk

කොරෝනා ව්‍යාප්තිය පාලනයේ මූලික භූමිකාව හමුදාවට පැවරීම වැරදි බවත් එය පැවරිය යුත්තේ සෞඛ්‍ය අංශයට බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය පාලනය ‘හමුදා මෙහෙයුමක්’ බවට පැත්වී ඇති බවත් පැවසූ නාගමුව එය හමුදාව අනතුරේ හෙළීමක් මෙන්ම සෞඛ්‍ය අංශවල චිත්ත ධෛර්යය දුර්වල කිරීමක් යැයි ද කීවේය.

‘නාවික කොරෝනා පොකුර’ බිහිවූ ආකාරය බලධාරීන් මතක තබා ගත යුතු යැයි ද නාගමුව කීවේය.

“හමුදාව රෝගීන් දෙස බලන විදිය වෙනස්. ආසාදිතයන් හැංගෙන්නේ ඒකයි. ඔවුන්ගේ සහාය ගත්තාට කමක් නෑ. හැබැයි ප‍්‍රධාන භූමිකාව පැවරිය යුත්තේ සෞඛ්‍ය අංශයටයි. මේ වෙලාවේ මූලික වශයෙන් කළ යුත්තේ රෝහල්වල ධාරිතාව වැඩි කිරීමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස