කොරෝනා මඩින්න අනිල් ජාසිංහ නැවත කැඳවයි!

November 18, 2020 at 11:16 am | by emanisa.lk

හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල් සහ වර්තමාන පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ කොරෝනා මර්දන සාකච්ඡා සඳහා සහභාගී වන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව සඳහන් කළා ය. වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගත්තේ උසස් වීමක් ලෙස බව ද ඇය අනාවරණය කළා ය.

සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක ලෙස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පත්කළේ තාවකාලිකව බවත් නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කරන බැවින් ජයරුවන් බණ්ඩාර ඉල්ලා අස් වූ බවත් සෞඛ්‍ය ඇමැතිනිය වැඩි දුරටත් පැවසුවා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *