කොතලාවල වල් බූරු නිදහසක් නැතත් ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක්…! අද විදෙස් සිසුන් 272ක් ඉගෙන ගන්නවා…! අවුරුද්දට කෝටි 181ක් විදෙස් විනිමය ලැබෙනවා…! – සරත් ෆොන්සේකා….

August 6, 2021 at 9:06 pm | by emanisa.lk

රටේ වෙනත් විශ්වවිද්‍යාලවලට තේරී පත් වූ සිසුන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීමට ඉල්ලීම් සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.

එසේ ම මේ වන විටත් කොතලාවල විශ්වවිද්‍යාලයේ විදෙස් සිසුන් 244 දෙනෙකු සහ විදෙස් හමුදා නිලධාරීන් 28 දෙනෙකු අධ්‍යාපනය ලබන බවත් එමගින් වාර්ෂිකව ඩොලර් මිලියන 9.1ක (රු. කෝටි 181ක්) විදේශ විනිමයක් රටට ලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම විශ්වවිද්‍යාලය ඔස්සේ හමුදා නිලධාරීන්ගේ දරුවන්ට සමස්ත වියදමින් 50%ක් ගෙවා උපාධියක් ලබා ගැනීමේ හැකියාව ඇති බවත් එය ලබා දීම තමා අනුමත කරන බවත් හිටපු හමුදාපතිවරයා සඳහන් කළේ ය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කොණ්ඩ රැවුල් වවා ගෙන කැමති වෙලාවක පැමිණ කැමති වෙලාවක යාමේ නිදහසක් නැතත් නිදහස් චින්තනයක් ගොඩනැඟෙන ආකාරයේ දැනුමක් එමගින් ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

එසේ ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ පැවතිය යුතු බවත් එමගින් ලබා දෙන උපාධිවල පිළිගැනීම කෙරෙහි එය බලපාන බවත් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස