අද නැවතත් 56 පෙරළිය වගේ පෙරළියකට පසුබිම හැදිලා! බණ්ඩාරනායක මහත්තයට තිබ්බ ජන ප්‍රසාදය ගෝඨාභය මහත්තයාටත් තියෙනවා! – අමරසේකර

July 20, 2020 at 12:13 pm | by emanisa.lk

56 පෙරළිය අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙන ගිය සටනෙහි කූටප්‍රාප්තිය සනිටුහන් කළ බව ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි.

ආචාර්ය අමරසේකර මේ බව සඳහන් කළේ යුතුකම ජාතික සංවිධානය මගින් සංවිධානය කළ  “56 ආදර්ශය කළුතරින් මුළු රටටම” සම්මන්ත්‍රණය සඳහා හොරණ (18) සහභාගී වෙමිණි.

“56 ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය ලබා දුන්නේ බණ්ඩාරනායක මහත්තයා. නමුත් ඒ සඳහා උවමනා සමාජ දේශපාලන පසුබිම දශක ගණනාවක් තිස්සේ නිර්මාණය වුණා.

එය ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රතිඵලයයි. රට වටා ගොස් ජනතාව අමතමින් ඔවුන් තුළ පැවති සභ්‍යත්ව විඥානය අවදි කළේ ධර්මපාලතුමා. ඒ සමග සඟ,වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය ගොඩනැඟුණා.

බෞද්ධ කොමිසන් සභා වාර්තාව වගේම ජෝන් කොතලාවලගේ අතිශය බටහිර ගැති ආණ්ඩුවත් 56 පෙරළියට උත්තේජනයක් වුණා. 56 පෙරළිය මෙරට සමාජ සංස්කෘතික පෙරළියක ආරම්භය කියලා බණ්ඩානායක මහත්තයා පවා මුලදී දැන සිටියේද කියන එක ප්‍රශ්නයක්. ඔහු සමග මුල දී එක්වූ මාතලේ අළුවිහාරේ වගේ අය අනතුරුව නැවත එජාපයට එකතු වුණා.

අදත් 56 පෙරළිය වගේම තත්ත්වයක් නිර්මාණය වෙලා. එදා බණ්ඩාරනායක මහත්තයාට තිබුණු ජනතා ප්‍රසාදය අද ගෝඨාභය මහත්තයාට තිබෙනවා. ඔහුට 2/3 බලයක් ලබා දී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උදව් කිරීම අපේ වගකීමක්. ඒ නිසා ගෝඨාභය ජනාධිපති ධුරයට පත්කළ අය එතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උදව් කරන පාර්ලිමේන්තුවක් පිහිටුගන්න එකතු විය යුතුයි.

අනුප පස්කුවල් ඒ සඳහා හොඳ නියෝජනයක්. මෙය ඡන්දය ලබා දීමට එහා ගිය ජාතික වගකීමක් ඉටු කිරීමක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස