කොතලාවල පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටනට…! හෙට ඔන්ලයින් දේශන වර්ජනයක්…..!

July 27, 2021 at 9:22 pm | by emanisa.lk

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය දක්වමින් ශ්‍රී ලංකාවේ සියලු ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හෙට (28) මාර්ගගත දේශන සහ වැඩසටහන්වලින් ඉවත්ව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මාර්ගගත දේශනවලින් ඉවත් වීම සංඛේතාත්මක එක්දින විරෝධයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ පරාජ කිරීමට නොහැකි වී පාරට ගෙන යෑමට සිදුවුවහොත් අවශ්‍යතාව අනුව විරෝධය දීර්ඝ කරන බවත් එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නෑහැක අවධාරණය කරයි.

මාර්ගගත දේශනවලින් ඉවත්වීමට සමගාමීව සියලුම රාජ්‍ය විද්‍යාවිද්‍යලවල මූලික කරගෙන අධ්‍යන, අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධ කරගෙන හෙට (28) විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බව ද මහාචාර්යවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *