කොතලාවල පනතට සජිත් එරෙහි වෙයි…! පක්ෂය සමග විරෝධතා සඳහා පාරට…!

August 2, 2021 at 7:46 pm | by emanisa.lk

“නිදහස් අධ්‍යාපනය සුරකිනු. කොතලාවල පනත හකුලා ගනු” මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියෙහි අද (02) විරෝධතාවක් පැවැත්විණි.

ජනතාවාදී බුද්ධි මණ්ඩපය සංවිධානය කරනු ලැබූ මෙම විරෝධතාව සඳහා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

විරෝධතාකරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විරෝධතා පූවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියෙහි විරෝධතාවෙහි නිරත වූහ.

නිදහස් අධ්‍යාපනය සුරකිනු, කොතලාවල පනත හකුලා ගනු, අධ්‍යාපනය මිලිටරිකරණය නොකරනු, ආදී බැනර් සහ වැකි ප්‍රදර්ශනය කරමින් ඔවුහු මෙලෙස විරෝධතාවේ නිරත වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *