කොටුවම ගඳ ගැස්සූ පාවෙන වෙළඳ සංකීර්ණයට ඉර පායයි! නවීකරණයට ජනපති අගමැති උපදෙස් දෙති!

August 21, 2020 at 5:24 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ (Floating Market)පිළිසකර කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරාගේ ප‍්‍රධානත්වයෙන් 24 දා පෙ.ව. 8.30ට ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය වසර 4 1/2 ක කාලය තුළ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයෙහි නිසි පරිදි නඩත්තු කටයුතු සිදුනොවූ නිසා වෙළඳසැල් සියයට අසූවක් පමණ වසාදැමීමට සිදුවූ බව වෙළඳසැල් හිමියෝ පවසති.

පාවෙන වෙළඳසැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදු වීම නිසා පසුගිය කාලය තුළ දැඩි පාරිසරික ප‍්‍රශ්න ද මතුවිය.

මේ ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙසය. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස රාජකාරී කළ සමයේ ඉදි කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස