කොංගෝවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගෙනෙන සැලසුමක්…!

May 16, 2021 at 9:40 am | by emanisa.lk

මේ වන විට ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අතිරික්ක තොග රැස් කරගෙන සිටින කොංගෝ රාජ්‍යයෙන් එන්නත් මිල දී ගැනීම සඳහා එරට ජනාධිපති සාසුනග් යුසෝ වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ ලිපියක් යොමුකර ඇත.

එම ලිපිය කොංගෝහි ශ්‍රී ලංකා තානාපතිවරයා එරට ජනාධිපතිවරයා මුණගැසී පෞද්ගලිකව ම ලබා දී තිබේ.

රජයේ අරමුණ දැනට දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී නැති ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය වෙත දෙවැනි මාත්‍රාව සැපයීමයි.

කොංගෝහි ඇති අතිරික්ත එන්නත් තොගය ලක්ෂ 13ක් පමණ වන බැවින් එයින් කොටසක් මිල දී ගැනීමට රජය මෙම ඉල්ලීම කළේය

මේ හැර ජපානය, චීනය ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාවෙන් ද එන්නත තොග ඉල්ලා ලිපි යොමුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *