කෙහෙළියගේ කතාවල පදනමක් නෑ….! මන්ත්‍රී වාහන ගෙන්වීම අවලංගු කළා…! – ලංකා බැංකුව…

June 11, 2021 at 10:06 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමේ තීන්දුව අවලංගු කර ඇතැයි ලංකා බැංකු ආරංචි මාර්ග අනාවරණය කරයි.

අදාළ සමාගම මන්ත්‍රී වාහන ගෙන්වීමේ ගිවිසුම අහෝසි කිරීමටත් ඇම්බියුලන්ස් ඇතුළු සෙසු වාහන ලබා දීමටත් එකඟ වී තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළ පරිදි එම ගිවිසුම් අවලංගු කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

රු. බිලයන 3.5ක් වැය කරමින් වාහන 399ක් ආනයනයට සැලසුම් කර ඇති අතර ඒ අතරින් වාහන 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ය.

නැවත ලබා ගැනීමේ පදනම මත මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම වර්තමාන වසංගත තත්ත්වය සහ ණය තත්ත්වය සලකා අවලංගු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මෙයට පෙර ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *