කෘෂිකර්ම ඇමැති පුබ්බාව ඔයේ දිය වැලකට හසුව ගසා ගෙන යයි…!

March 22, 2021 at 1:15 pm | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය කියයි.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටිය දී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබේ.

අධික වර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිපෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන තිබේ. අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *