කුරුන්ඳාවශෝක විහාරස්ථානයේ නඩුව සම්බන්ධයෙන් මුල සිටම අධිකරණයේ කටයුතුවලට මැදිහත් වුනේ මම. යහපාලන කාලයේදි සාමය කඩ කිරිම මත ව්හාරස්ථානයේ වැඩ කටයුතු කිරිම නතර කිරීමට නියෝගයක් මුලින් ලබා දුන්නත් පසුව පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට මැදිහත් විය නොහැකි බවට මා විසින් කරුණු පෙන්වාදිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එම තහනම් නියෝගය ඉවත් කර පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ එම කටයුතු කිරිමට අවසරය ලබා දුන්නා. සියලු කටයුතු කෙරුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද දීර්ඝ වාර්තාවකට අනුව.
පසුගිය පොසොන් පොය දින එම වෛත්‍යයේ ධාතු තැන්පත් කරන අවස්තාවේදි එම ස්ථානයට කඩා වැදුනු දෙමළ අන්තවාදින් කියා සිටියේ එම කටයුතුවලට එරෙහිව අධිකරණ තහනමක් ඇති බවයි. පුරාවිද්‍යා කොමසාරිස්වරයා එම ස්ථානයේ සිටි අතර එවැනි තහනමක් නොමැති බව ඔහු හොඳින්ම දැන සිටියදිත් ඔහු නිහඬ වුණා. ඒ වගේම එම ස්ථානයේ සිටි කිසිම පොලිස් නිළධාරියෙක් එම තහනම් නියෝගය පෙන්වන ලෙස ඉල්ලා සිටියේ නෑ. එහෙම පෙන්වන්න නියෝගයක් තිබුණේ නෑ. කෙසේ නමුත් පොලිසිය නැවත සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිවු උසාවියෙ නඩු පැවරුවා මේ සිද්ධියෙන් පසුව.
මෙ ගැන මමත් සාන්තබෝධි හිමියනුත් පුද්ගලිකව ප්‍රශ්න කළා කොමසාරිස්ගෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේදිම. එතුමාට අපි කිවුවා නඩුව උසාවියෙ එන බව දන්නවා නම් ඒක තමන්ගේ ආයතනයට අදාලව නම් වහාම ඉදිරිපත් වෙන්න කියලා. එතුමා ඒක ප්‍රතික්ෂේප කළා. මේ නියෝගය මහේස්ත්‍රාත්වරයා දෙන්න ඇත්තේ ඒකපාර්ශවිකව. දෙපාර්තමේන්තුව හෝ දේපාර්තමේන්තුවේ නීතිඥයන් ඉදිරිපත්ව කරුණු සැල කළා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවිමට ඉඩ තිබුණා.
එවගෙමයි මේක සිද්ධ වුණේ ගෝඨාභය ඉන්න කොට. කොමසාරිස් දිගටම කිවුවේ දෙමළ අන්තවාදින්ට යමක් සිදූවුවහොත් එය ඉන්දියාව අප සමග උරණවීමට හේතු විය හැකි බවත්, එයින් ඉන්දියන් ආධාර අහිමිවීමට හැකි බවත් ය. සිංහල බෞද්ධ රෙද්ද පොරවන් හිටපු විදුර ඇමති ද මේ ස්ථාවරය දරණු ලැබුවා.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව