බෙදුම්වාදය පරදන ඓතිහාසික සෙල්ලිපියක් උතුරින්! දැවැන්ත බෞද්ධ ආරාමයක අතීත නටබුන් රැසක් ඒ අතර!

December 17, 2020 at 8:25 pm | by emanisa.lk

මුලතිව්හි කුරුන්දි මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ සිදුකරන ලද කැනීමක දී අනුරාධපුර අවසන් යුගයේ 4 වන උදය රජුට අයත් සෙල්ලියක් හමු වූ බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා නිලධාරීන් එහි කාල නිර්ණය සිදුකර ඇත.

අක්කර 78ක් පුරා පැතිරුණු එම පුරාවිද්‍යා භූමියේ සිදුකළ කැණීම්වල දී අතිශය වැදගත් ආරාමික නටබුන්, කබොක් ගල්වලින් ඉදිකර ඇති ස්තූපයක්, ප්‍රාකාර බැමි, ශිලා කුලුනු සහිත ගොඩනැගිලි, සඳකඩපහන් සහ කැටයම් සහිත ශිලාමය උළුවහු ආදිය හමු වී ඇත.

යුද සමයේදී සහ නිධන් සොරුන් විසින් මෙම පුරා විද්‍යා භූමියට දැඩි ලෙස හානි කර තිබූ බවට ද පුරා විද්‍යා නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

මේ වන විට අදාළ සෙල්ලිපියේ පේලි 100 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර පුරාවිද්‍යා නිලධාරීන් විසින් වැඩිදුර කැනීම් කටයුතු කරනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *