කූරගල උරුමය නැවතත් බෞද්ධයින්ට…! කඨින පිංකම මහ ඉහළින් පැවැත්වෙයි…!

November 8, 2021 at 1:08 pm | by emanisa.lk

කූරගල රජ මහා විහාරස්ථානයෙහි කඨින පූජෝත්සවය මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ (07) පැවැත්විණි.

බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එකතු වී තිබිණි. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එකතු විය.

පසුගිය සමයේ කූරගල බෞද්ධයින්ට තහනම් භූමියක් බවට පත්ව පැවැති අතර මුස්ලිම් අන්තවාදී බලපෑම් නිසා එවක පාලකයින් විහාරස්ථානයට විදුලිය ලබා දීම පවා ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුව ද මේ වන විට කූරගල අංගසම්පූර්ණ විහාරස්ථානයක් ලෙස නැවත ජීවය ලබා තිබේ. එහි ඇති ශිලා ලේඛන අනුව කූරගල රහතුන් වහන්සේලා පවා වැඩ වාසය කළ ලංකාවේ මුල් ම යුගයේ බෞද්ධ පුදබිමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස