කිරිපිටි මිල සූත්‍රය සඟවයි.. නිලධාරීන් විකිණෙයි… මිල තීරණය සමාගම් අතට…!

March 8, 2024 at 5:05 pm | by emanisa.lk

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබා ගනිමින් කිරිපිටි අලෙවි කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ විය.

එහි දී වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ නිලධාරියෙක් කිරිපිටි සඳහා මිල සූත්‍රයක් නොමැති බව සඳහන් කළ අවස්ථාවේ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මෙසේ ප්‍රකාශ කළේය.

“මොකද නැත්තේ 2018 මමනේ මිල සුත්‍රය හැදුවේ. වෙන ඒවා වගේ නෙමෙයි හැමෝම එකඟ වුණා ඒකට. කවදා ඉඳලද මිල සුත්‍රය අයින් කරේ. ඒකට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ මිල සුත්‍රයට අනුව කිරිපිටි මිල වෙනස් වුණා නේ. ඒක වසරෙන් වසර දීර්ඝ කළා.

2019 න් පස්සේ මුදල් අමාත්‍යාංශයෙන් දීර්ඝ කරලා නෑ. ඔයාලා මට කිව්වේ ඒක නෙමෙයි නේ. කිරිපිටිකාරයන්ට යටවෙලා කියන එක අහන්න දෙයක් නෑනේ. හරිම කනගාටුයි වෙළෙඳ අමාත්‍යාංශයේ ගේනවා ලියවිල්ලක් පාර්ලිමේන්තුවට තමන් දන්නේ නෑ ඉතිහාසය.

නියෝජ්‍ය ලේකම්තුමා අපිට මේක අනුමත කරන්න බෑ. අපි නියෝගයක් දෙනවා ඊළඟ කමිටුවේ දී අපිට කාරණා ඉදිරිපත් කරන්න ඇයි කියලා 2019 දෙසැම්බර් වෙද්දි මිල සූත්‍රය නතර කළේ කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *