දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තරම් දියර කිරි තිබියදී පැය ගණන් පෝලිම්වල රස්තියාදු වී විදේශීය කිරිපිටි මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
දියර කිරි තිබිය දී කිරිපිටි පරිභෝජනය වැඩිවීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.
ඊයේ (09) මහනුවර දී පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඇමතිවරයා සඳහන් කළේ කිරිපිටිවල අඩංගු දෑ පිළිබඳව, ඒවායේ ගුණ අගුණ පිළිබඳව නිවැරදිව අබෝධයක් තිබෙන කිසිවෙකුත් පෝළිම්වල රස්තියාදු වී කිරිපිටි මිල දී ගැනීමට කටයුතු නොකරන බවයි.
කිරිපිටි ශරීරයට අහිතකර බව මාධ්‍ය මගින් කෙතරම් දැනුම්වත් කළ ද ජනතාව ඒ පිළිබඳව අවබෝධ කර නොගන්නා බව පෙන්වා දෙන ඇමැති අමුණුගම පවසන්නේ, කිරිපිටි පෝලිම්වල සිටින ජනතාවට කැමරාව දිගුකර දැන් සැපදැ’යි ඇසීමට වඩා කිරිපිටි සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම මාධ්‍යවේදීන්ගේද වගකීමක් බවයි.