ජල ගැලුම් නිම්නයේ සිදුවීම සම්බන්ධයෙන් තමන් තීරණයක් ගත්තේ යුක්තියට, සාධාරණත්වයට සහ මනුෂ්‍යත්වයට එකඟව බව වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කරයි.
එමෙන් ම එම තීන්දුව හේතුවෙන් වන ජීවින්ට හෝ වනාන්තරයට බරපතළ හානියක් සිදුවන බවට තමන් පිළිගන්නේ නැති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.
තමන් නිලධාරීන්ට බලපෑම් නොකළ බවත් එසේ කියන්නේ මාධ්‍ය බවත් ප්‍රකාශ කරමින් විමලවීර රාජ්‍ය අමාත්‍යරයා ප්‍රකාශ කර සිටියේ තමන් එම ස්ථානයට ගියේ ජනතාවගේ දුක් ගැනිවිලි ඇසීමට බවත්, ජනතාව කියන කතා ඇත්ත ද යන්න විමසා බැලීමට බවත් ඔහු සඳහන් කළේ ය.
තමන්ට කුහකයෙක් වීමට අවශ්‍ය නොමැති බවත්, මාධ්‍යයට බයේ ෆේස්බුක් එකට බයේ අරයට මෙයාට බයේ තීන්දු ගැනීමට නොහැකි බවත්, එසේ නම් ආණ්ඩු තිබීමට අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය.
එම ප්‍රදේශයේ ජනතාව පැමිණ වනෝද්‍යානයේ තමන්ගේ හරක් සිටින බව පැවසූ බවත්, තමන් නිලධාරීන්ට එම හරක් එළියට දැමීමට කී බවත්, එළියට දාන්නට නොහැකි නම් එම ජනතාවට හැඳුනුම්පතක් ලබා දී එම හරක් බැලීමට යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් එය බලපෑමක් නොවන බවත් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයා විසින් මෙම ඇමතිකම ලබා දී තිබෙන්නේ දාලා යන මිනිහෙකුට නොවන බවත් ජනතාවට වැඩ කරන තමන් මාධ්‍යයටවත් ෆේස්බුක් කාරයන්ටවත් බය නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කර තිබුණේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.