ඉස්සර අපේ මිනිස්සුන්ට කොටි ගැහුවා! දැන් වනජීවී එකෙන් ගහනවා! – විමලවීර දිසානායක

November 29, 2020 at 10:19 am | by emanisa.lk

වනජීවී දෙපාර්තමේන්තුව මගින් යක්කුරේ සිට පොළොන්නරුවට දිවෙන 13 km මාර්ගය වසා දැමීම නිසා 65 km මාර්ගයක් ඔස්සේ ජනතාවට පොළොන්නරුවට යාමට සිදුව ඇති බව වනජීවී ඇමැති විමලවීර දිසානායක පවසයි.

“මම කිසිම ලාභ ප්‍රයෝජනයකට නෙවෙයි මේ පාර හදන්න කියන්නේ. මේක වනජීවි එකට අයිති වුණේ 1984. ඒ වන තෙක් මේ පාර තිබ්බා.

පස්සේ 1992 වන තුරු පාරේ මිනිස්සු ගියා. බස් දිව්වා, කෑගල්ලට පවා. නමුත් අද මේ පාරේ මිනිස්සු යද්දි වන ජීවි එකේ නිලධාරීන් අල්ලනවා. නඩු දානවා.

නමුත් මේ පාර යන්නේ යක්කුරේ පැරණි ගමට. එහෙ ඉඳන් වටෙන් පොළොන්නරු යන්න කිලෝ මීටර් 65ක් තියෙනවා. මේ පාරෙන් තියෙන්නේ 13යි.

මිනිස්සු එදා ඉඳන් බැට කනවා. අලි ගහනවා. කොටි ගැහැව්වා. දැන් වනජීවි එකෙන් ගහනවා. තව කැලේ ඉන්න ගවයන් බලා ගන්න දෙන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *